එංගලන්තයේ සිට පැමිණි කාන්තාවක් අතුරුදන්, නිවසේ ලේ පැල්ලමක්

එංගලන්තයේ සිට පැමිණි කාන්තාවක් අතුරුදන්, නිවසේ ලේ පැල්ලමක්

එංගලන්තයේ කලක් පදිංචිව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවක් අතුරුදන්ව ඇතැයි ඇයගේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබේ.

ඊයේ (27) රාත්‍රී 7.20 ට පමණ මෙම කාන්තාව අතුරුදන්ව ඇති බව ඥාතීන්ට දැනගන්නට ලැබී තිබුණි.

කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේ ලේ පැල්ලම් දක්නට ඇති බැවින් එම තැනැත්තිය ඝාතනය කර ඇතැයි පොලීසිය සැක කරන බව වාර්තා වේ.

67 හැවිරිදි එම පස් දරු මව, කලක් එංගලන්තයේ පදිංචිව සිට ඇති අතර මීට වසර 3කට පමණ පෙර නැවත මෙරට පදිංචිය සඳහා පැමිණ ඇත්තේ ඔවුන්ගේ දේපළ බලාකියා ගැනීම සඳහාය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.