උමාලි යළිත් යුග දිවියට ?

උමාලි යළිත් යුග දිවියට ?

ගායනයට රංගනයට වගේම නර්තනයටත් දක්ෂ උමාලි තිලකරත්න ඇය චරිතාංග රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුළුවන්. නිතර නිතර දකින්න නොලැබුනත් ඇය රංගනයන් දායකවන චරිත වලට කරන සාදාරනය නිසා ප්‍රේක්ෂකයන් අතර ඇය ජනප්‍රිය වී තිබෙනවා ඒ වගේම ඇය ලංකාවේ සම්මාන රැසකින් පිදුම්ලැබූ රංගන ශිල්පිනියක්.

උමාලිට මේ වනවිට වයස අවුරුදු 34ක්. ඇය මුලින්ම විවාහ වුනේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමග. ඒ 2014 වසරේදී. නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ ඔවුන් 2018 වසරේදී එම විවාහයෙන් සමුගන්නවා. ඉන්පසු සාරංග ජනප්‍රිය නිළියක වන දිනක්ෂි සමගින් විවාහ වෙනවා. ඉතින් කාලයක් තනිකඩව සිටි උමාලි නැවතත් විවාහ ගිවිසගන්න සැරසෙනවා කියලා දැන ගන්න ලැබුණා.

ලබන්නා වූ නව වසරේ ඇය විවාහ වනබවට අපට විශ්වාශ වන්ත ආරංචි මාර්ග ඔස්සේ දැනගන්න ලැබුනා. ඉතින් ඇය අතිනත ගන්න සැරසෙන්නේ ඇයගේ පවුලේ සමීපතම සාමාජිකයෙක් එක්ක. සාරංගගෙන් වෙන්වුනාට පස්සේ උමාලිගේ හිත හදලා තියෙන්නෙත් ඔහු කියලයි අපිට ආරංචි.

ඇයගේ අතිනත ගන්න සැරසෙන්නේ මනෝවිද්‍යා මහාචාර්යෙක් සමග. ඇයගේ නව සහකාරයා ඇයවත් මනෝ විද්‍යා අංශයෙන් ඉදිරියට යවන්න බලාපොරොත්තු වන බවයි අපට වාර්තා වෙන්නේ. මෙහි ඇත්ත නැත්ත තවමත් අපි හරියට දන්නෑ

කෙසේ වෙතත් ඇයගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා My newslanka සුබ පතනවා.