තම සිතුවම් ව්‍යාපාරයකට පෙරළා ගත් සුන්දර යෞවනිය

තම සිතුවම් ව්‍යාපාරයකට පෙරළා ගත් සුන්දර යෞවනිය

ශාමෙන් වෝකර් දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ආලේඛ්‍ය සිතුවම්කරණය (Portrait) හරහා ඇයව මේ වනවිට ලංකාවේ සහ ජාත්‍යන්තරව හඳුනන ශිල්පිනියකි. සිය හැකියාව ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබෙනවා. ඇයගේ ව්‍යාපාරය Gift From walker වෙයි.

ඇය සාමාන්‍ය පෙළට චිත්‍ර හැදෑරුවාට උසස් පෙළට කළේ ව්‍යාපාර අධ්‍යනය. උසස් අධ්‍යාපනය හදාරලා තිබෙන්නෙත් ව්‍යාපාර කළමණාකරණය. ඒ වුණාට ඇය 2011දි වගේ චන්ද්‍රගුප්ත තේනුවර සර්ගේ විභවි ඇකඩමියට යනවා. එතන ඉඳලා තමයි නැවතත් චිත්‍ර අඳින්න පටන් ගෙන තිබෙන්නේ.

ඇය මේ වනවිට සමනලී ෆොන්සේකා, සනත් ජයසූරිය වගේ ප්‍රසිද්ධ චරිත සිතුවම් කර තිබෙනවා

මෙය ඇය සම්බන්ධවූ සාකාච්ඡාවක කොටසක් උපුටා ගැනීමක්

මම මුලින්ම ඇන්දේ සමනලී ෆොන්සේකා අක්කාව. එයාව මුලින්ම ඇන්ද නිසා තමයි මට මේ ගමන මේ තරම් දුර එන්න පුළුවන් වුණේ. මම එයාව ඇඳපු වෙලාවේ එයා ඒක ෆේස්බුක් එකේ දාලා මට තෑන්ක් කරලා සහයෝගයක් දුන්නා. එයාගේ රසික පිරිසක් මගේ රසිකයෝ වගේ වුණා. ඒ හරහා මගේ ව්‍යාපාරය ගොඩක් දියුණු වුණා. ඊට අමතරව සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, සංගක්කාර වගේ ක්‍රීඩකයෝ, නළු නිළියෝ, දේශපාලඥයින් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින්ව මම ඇඳලා තිබෙනවා.

මම හිරු නාලිකාවේ සජීවී වැඩසටහනක් කළා පැය භාගයක් ඇතුළත ඒ වැඩසටහන එන කලාකරුවාව මම පැන්සලෙන් අඳින. ඒ හරහා මම ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින් විස්සකට වැඩිදෙනෙකුව ඇඳලා තිබෙනවා. මට මේ ගමන එන්න ඒ දේවල් ලොකු සහයක් වුණා. යනුවෙන් පවසා තිබුණා