සුනාමි ඇවිල්ලා අදට වසර 17යි

සුනාමි ඇවිල්ලා අදට වසර 17යි

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි.

එම සුනාමි ව්‍යසනය හේතුවෙන් සහ රට තුළ වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිත දිනය-2021‘ අද (26) සැමරේ.

එම සැමරුම් උත්සව සීමිත ජනතා සහභාගීත්වයෙන් අද (26) දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා පැවැත්වෙන අතර, ප්‍රධාන උත්සවය ගාල්ල ‘පැරෑලිය සුනාමි ස්මාරකය‘ අභියස දී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් පෙ.ව. 8.30ට පැවැත්වේ.

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීම සඳහා අද (26) පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

2004 වර්ෂයේ සුමාත්‍රා ආසන්නයේ වූ භූමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළට ළඟා වූයේ භූමි කම්පාව වී පැය 1යි විනාඩි 32කට පසුවය.

එමඟින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් සුනාමි ආපදාවට ගොදුරු වූ අතර, සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000ක් පමණ විය. තවත් 5,000ක් පමණ අතුරුදන් වූහ.

සංදීප් ජයලත් ගායන ශිල්පියා සුනාමි ව්‍යසනය වෙනුවෙන් ගයන ගීතයක්.

ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යායුතු උන් නොවේ…
බිදින්නට බෑ රුදුරු රකුසට
මේ දෙරණේ මනුසත් බලේ.