යුවරාජ් සිංගේ පිත්ත උඩු ගුවනට (වීඩියෝ )

යුවරාජ් සිංගේ පිත්ත උඩු ගුවනට (වීඩියෝ )

1877 වසරේ උපන් ක්‍රිකට් එතැන් සිට අද වන විට විවිධ මානයන් සහ නව සොයාගැනීම් සමඟ පරිණාමය වෙද්දී ඊට නව අරුතක් දෙන්නට “කලෙක්සියොන්” ආයතනයට මේවන විට හැකියාව ලැබී තිබෙනවා.

ඒ නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සිහිවටන අභ්‍යවකාශය වෙත රැගෙන යෑමේ ව්‍යාපෘතිය හරහායි.

මෙම ව්‍යාපෘතිය සමඟින් මේවන විට ලොව සුපිරි ක්‍රිකට් තරු කිහිප දෙනෙක්ම අත්වැල් බැඳ ගෙන සිටිනවා.

ඒ අතර ඉන්දීයවේ යුවරාජ් සිං, නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්, ඕස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්, බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කිරන් පොලාඩ් වැනි ක්‍රීඩකයින් ඇතුළත්.

මෙම සුවිශේෂී වැඩසටහන ආරම්භ කරමින් පළමු ක්‍රිකට් සිහිවටනය පසුගියදා අති සාර්ථක ලෙසින් අභ්‍යවකාශගත කරන්නට මෙම ව්‍යාපෘති කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ එංගලන්තයේ බර්මින්හැම් හීදී. මෙලෙසින් අභ්‍යවකාශගත කෙරුණේ ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සිය පළමු ජාත්‍යන්තර ශතකය වාර්තා කළ මෙම ක්‍රිකට් පිත්තයි.

ක්‍රිකට් පිත්තේ බඳේ සවිකර ඇති අති නවීන තිරය මඟින් එය උඩුගුවනට ගිය පසුව යුවරාජ්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවීමේ හැකියාව ද පවතිනවා.

මෙලෙසින් අභ්‍යවකාශයට රැගෙන යන ක්‍රිකට් සිහිවටන මිලදී ගන්නට මෙන්ම නුදුරේදීම අභ්‍යවකාශයේදී ඉදිවන වර්චුවල් කෞතුකාගාරයේ ඔබේ සිහිවටනයන් සුරැකිව තබා ගැනීම සඳහා ඉඩක් වෙන් කරගන්නටත් හැකියාව පවතිනවා.

https://bit.ly/3svLPaU