පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉඩ දෙන්න එපා – එස්. බී. දිසානායක

පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉඩ දෙන්න එපා – එස්. බී. දිසානායක

පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා (24) පැවසීය.

පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉදිරියට ඒමට ඉඩ නොතැබිය යුතු බව කී එස්. බී. දිසානායක මහතා කිසිවක් නොතකා එවැනි ඉල්ලීම් ඉදිරියට එනවා නම් වාහාම නැවැත්වීම ඉතාම යෝග්‍යය බව ද සඳහන් කළේය.

ලෝකයේ හැම රටකම තෙල්, ගෑස් අතුළු භාණ්ඩ මිල ඉහළ යනවා. ජීවන වියදම ඉහළ යනවා. තෙල් මිල පහළ ගියා කිව්වට මෑත යුගයේ තිබෙන ඉහළම මිල තියෙන්නේ. ලෝකය තවමත් නිෂ්පාදන අර්බුදයක ඉන්නේ. කන්ටේනර් ගාස්තු සියයට 300 කින් වැඩිවෙලා. නැව් ගාස්තු සියයට 400කින් වැඩිවෙලා. මේ ප‍්‍රශ්නයට මුහුණදිය යුතුයි. පාරිභෝගික භාණ්ඩවලට සහනාධාර දෙනවාට මම විරුද්ධයි. සංවර්ධනය වූ කිසිම රටක් සහනාධාර දී නැහැ.

බත්තරමුල්ල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී (24 ) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවැසූවා.