දුම්රිය ස්ථානාධිපති වර්ජනය කල්දමයි

දුම්රිය ස්ථානාධිපති වර්ජනය කල්දමයි

දුම්රිය ස්ථානාධිපතිවරු අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම සේවාවලින් ඉවත්වී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත කල්දැමූ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ප්‍රවාහන අමාත්‍යවරිය සමඟ හෙට (27) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රගතිය මත අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක කරනවාද අත්හැර දමනවාද යන්න තීරණයට එළඹෙන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ