කොවිඩ් පොසිටිව් 400කට නෙගෙට්ව් වාර්තා දීලා

කොවිඩ් පොසිටිව් 400කට නෙගෙට්ව් වාර්තා දීලා

කොවිඩ් ආසාදිතයන් විශාල පිරිසකට ඔවුන් ආසාදිතයන් නොවන බවට දැක්වෙන වාර්තා ලබාදීමේ පුවතක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වේ.

කොවිඩ් පරීක්ෂණ සාම්පල ලබාදුන් 400 දෙනෙකුට අදාළ රෝහල විසින් දන්වා ඇත්තේ ඔවුන් ආසාදිතයන් නොවන බවයි.

මෙය අත්වැරදීමකින් සිදුවූවක් බවට අදාළ රෝහල පසුව ප්‍රකාශකර ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වූ වහාම අදාළ ආසාදිතයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

ආසාදිතයන් නොවන බවට දැනුම් දුන් 400 දෙනාම කොවිඩ් ආසාදිතයන් බවත් අදාළ ආසාදිතයන්ට මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන්ට ද නිරෝධායනය වන ලෙස පසුව නිවේදනයක් නිකුත් කරමින් රෝහල් බලධාරීන් ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය තාක්ෂණික දෝශයක් නොවන අතර සේවකයන්ගේ අත්වැරදීමක් හේතුවෙන් එය සිදුව ඇති බවටයි හෙළිවී ඇත.

https://bit.ly/32CZyS8