ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ලබන වසරේදී ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යමින් රට තුල ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව දිවයින පුරා සිදුකල සමීක්ෂණයකට අනුව පෙනී යන බවට කෘෂි විශේෂඥයන් අනතුරු අඟවයි.

පවතින තත්වයට කඩිනම් විසඳුම් නොමැති වුවහොත් ලබන මාර්තු මස පමණ වනවිට සහල් කිලෝවක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ යාමේ තත්වයක් ඇති විය හැකි බව ඔවුන් පව්සයි.

මේ වන විට දිවයින පුරා වෙළඳපොලේ හටගෙන ඇති කිරිපිටි, ගෑස්, භූමිතෙල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය තවදුරටත් පවතින අතර ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.