විශ්වයේ රහස් සොයන්න අද ගුවනට යන දුරේක්ෂය

විශ්වයේ රහස් සොයන්න අද ගුවනට යන දුරේක්ෂය

විශ්වයේ ළදරු අවධිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා අභ්‍යවකාශය වෙත යවන ප්‍රථම දුරේක්ෂය අද උඩු ගුවනට පිවිසෙනවා.

ඇමරිකානු බිලියන 09ක වියදමින් නාසා ආයතනය විසින් මෙම අධෝරක්ත දුරේක්ෂය නිපදවා තිබෙනවා.

‘ජේම්ස් වෙබ්’ ලෙස නම්කර ඇති මෙම දුරේක්ෂය ඉදිරි වසර 10කට වැඩි කාලයක් තුළ පෘථිවිය වෙත විශ්වයේ රහස් රැගෙන එනු ඇති බවට නාසා ආයතනය පවසා සිටියේ.

ඊසාන දිග – දකුණු ඇමරිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි ප්‍රංශ ගයනාවේ සිට දුරේක්ෂය රැගත් යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ ඒරියන් පහ රොකට් යානය අභ්‍යවකාශ ගත වන්නේ අද (25) පස්වරුවෙයි.

මෙය මසක කාලයත් තුළ පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් දුරින් සූර්ය කක්ෂයට පිවිසෙනු ඇති බවයි නසා ආයතන පවසා සිටියේ.

https://cnn.it/3sG2ZT4