මේ රටට පරිවර්ථනයක් අවශ්‍යයි, කාදිනල් රංජිත් හිමිපාණන්

මේ රටට පරිවර්ථනයක් අවශ්‍යයි, කාදිනල් රංජිත් හිමිපාණන්

තේවත්ත, ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැති ප්‍රධාන දේව මෙහෙයට එක් වෙමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැක්වූ අදහස්.

මේ විදිහට මේ රට දියුණු කරන්න බෑ .මේ රට තුළට පරිවර්ථනයක් අවශ්‍යයි ,විප්ලවීය වෙනසක් අවශ්‍යයි මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි. මේක දේශපාලන ලෝකේ අයට විතරක් බලපාන දෙයක් නෙමෙයි අපි හැමෝටම බලපානවා මේ සමාජය අර්ථවත් කරන්නට නම් යහපත් කරන්නට නම්. අපි අදහන අධ්‍යාත්මික ප්‍රතිපත්ති පළවෙනි තැනට දාලා කටයුතු කරන ඕනේ.

පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකි වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පැවසූහ.