මෙන්ඩිස් වෙනුවෙන් පටෙල්

මෙන්ඩිස් වෙනුවෙන් පටෙල්

මේ වනවිට ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට අවස්ථාව ලබාදිය යුතු කාලය එළඹ ඇති බව හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සමිත් පටෙල් පවසනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලන්නේ, කුසල්ට තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා මේ බව පවසා තිබුණා.

එහිදී ඔහු වැඩි දුරටත් සදහන් කර තිබුණා LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට ද කුසල් මෙන්ඩිස්ට අවසථාව තිබු බවයි.

LPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත් වුනේ සමිත් පටෙල්.