බඩ ගැනම හිතන් නැතුව රට ගැනත් හිතන්න – සි. බි. රත්නායක

බඩ ගැනම හිතන් නැතුව රට ගැනත් හිතන්න – සි. බි. රත්නායක

බඩ ගැන පමණක් නොහිතා රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි. බි. රත්නායක පවසයි.

ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙලදපොලේ ඉන්ධන මිල වැඩි කිරිම සහ නැව් ගාස්තු වැඩි විම නිසා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව චෝදනා නගනවා.

මෑතක සිට සිදු වූ ගෑස් අනතුරු සමග ජනතාව භූමිතෙල් උඳුන් භාවිතයට යොමු වූ අතර ඒ අනුව වෙළඳපොලේ භූමිතෙල් උඳුන් වල හිඟයක් ද පවතින බවටයි වාර්තා වුණේ.