නත්තල් දවසේ මට යන්න වෙලා තියෙන්නේ කනත්තට, සංවේදී කතාවක්

නත්තල් දවසේ මට යන්න වෙලා තියෙන්නේ කනත්තට, සංවේදී කතාවක්

ලොව පුරා කිතුනු බැතිමත්හු අද නත්තල සමරති. එහෙත් 2019 අප්‍රේල් 21 එල්ල වූ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර වලින් තම සමීපතම ඥාතීන් අහිමි වූ අය සතුටින් නත්තල සැමරීමට නොහැකිව වේදනා විදිනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට 2022 නත්තල ලබන විට හෝ සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්නට නැතැයි පාස්කු ප්‍රහාරයෙන් මව සහ පියා අහිමි වූ අශේන් ලක්රුවන් කියා සිටියේය.

”නත්තල් දවසේ මට යන්න වෙලා තියෙන්නේ කනත්තට. ලංකාවේ පාලනය කියන්නේ බොරුවක්. බොරුකාරයෝ ඉන්නේ.” යනුවෙන් පැවසු ඔහු වැඩිදුරත් කියා සිටියේ ජාත්‍යන්තරයේ මැදිහත්වීමකින් හෝ අපරාධකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවයි.

උපුටාගැනීම ගැනීම BBC – https://bbc.in/3poHi8f