කාල්ටන් පෙර පාසලේ වාර්ෂික කැරොල් ගී ප්‍රසංගය (ඡායාරූප)

කාල්ටන් පෙර පාසලේ වාර්ෂික කැරොල් ගී ප්‍රසංගය (ඡායාරූප)

කොළඹ සහ ගල්කිස්ස කාල්ටන් පෙර පාසල් දු දරුවන්ගේ වාර්ෂික ‘‘නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021’’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

කොළඹ,මාලිගාවත්ත සහ ගල්කිස්ස කාල්ටන් පෙර පාසල් වල දරු දැරියෝ මෙහිදී කැරොල් ගී ගයනා කරමින් සිය හැකියාවන් පිළිඹිඹු කළහ.

කාල්ටන් පෙර පාසලේ දරු දැරියන්ගේ දක්ෂතා දැක බලා ගැනීමට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය,මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහත්වරු සහ ඉන්දුනීසියාව,ජපානය,දකුණු කොරියාව,ඇමෙරිකාව,මියන්මාරය සහ ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තානාපති බිරින්දෑවරු සහ නියෝජිතවරියෝ රැසක් එක්ව සිටියහ.