වතුරේ ඉන්න එක කම්මැලියි කියල හිතුනා, ඇවිදින මාලුවෙක්

වතුරේ ඉන්න එක කම්මැලියි කියල හිතුනා, ඇවිදින මාලුවෙක්

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ රෝස පැහැති අත් සහිත ඇවිදින මාළුවෙකු ටස්මේනියාවේ නිරිතදිග වෙරළ තීරයේ සමුද්‍ර උද්‍යානයක ගැඹුරේ දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 22 කට පසු ටස්මේනියානු වෙරළට ඔබ්බෙන් ප්‍රථම වරට දැකගත හැකිවූ බවයි වාර්තා වන්නේ.

රෝස පැහැති අත් සහිත මාළුවෙකු අවසන් වරට 1999 දී ටස්මේනියාවෙන් කිමිදුම්කරුවෙකු විසින් දැක තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පවසන්නේ මෙම වසර මුලදී සමුද්‍ර උද්‍යානයකදී ගන්නා ලද ගැඹුරු මුහුදේ කැමරාවක පටිගත කිරීමකින් දුර්ලභ ඇවිදින මාළුවෙකු නැවත සොයාගත් බවයි.

https://bbc.in/3JdmzMp