පෙරේරාවරු අටදෙනෙක්, අද්විතීය “සුනිල් පෙරේරාට” උපහාරයක්

පෙරේරාවරු අටදෙනෙක්, අද්විතීය “සුනිල් පෙරේරාට” උපහාරයක්

සුනිල් පෙරේරා කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක් . covid රෝගයේ ගොදුරක් වෙමින් එතුමා පසුගිය සමයේ අප අතරින් සමු ගත්තේ ශ්‍රී ලාංකීය රසික හදවත් වලට විශාල කම්පනයක් එකතු කරමින් .

අභියෝග කළ නොහැකි ඒ සුපිරි කළාකරුවා වෙනුවෙන් සිරස ටීවී ආයතනය සුන්දර ,ගෞරවාන්විත උපහාරයක් සූදානම් කරලා.

වැඩසටහන් නම් කරල තියෙන්නෙ “සුනිල් අයියේ” කියලා.

පෙරේරාවරු 8 දෙනෙක් එකතු වෙලා සුනිල් පෙරේරා මහත්මාගේ ගීත එදිනට ඉදිරිපත් කරාවි.

දෙසැම්බර් 26 හවස පහට සිරස ටීවී මගින් වැඩසටහන විකාශය වීමට නියමිතයි.