දකුණු පොල් ගස් බිම, උතුරේ තල් ගස් උඩ

දකුණු පොල් ගස් බිම, උතුරේ තල් ගස් උඩ

2021 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමි කර ගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ දී කඩුලු 03ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් ද කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක් ද ලබා ගත්තා.

තරගය පැවැත්වුනේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේයි.

ජැෆ්නා කිංග්ස් පිල ලබා දුන් ලකුණු 202 ක ඉලක්කය හඹා යෑමේදී ග්ලැඩියේටර් පිලේ ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් පන්දු 26 කදී ලකුණු 63 ක වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් වුවත්, ඉන් පසු පිටියට පිවිසි කිසිවකුටත් වගකීමක් ගෙන පන්දුවට පහර දීමට නොහැකිවීම කණගාටුවෙන් වුවද දෙවැනි වතාවටත් අනුශූරතාවයෙන් පමණක් සෑහීමකට පත්වීමට ගෝල් ග්ලැඩියේටර් පිලට සිදුවිය.

2021 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ කිරුළ හිමි කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ,අවසන් තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23 කින් පරදවමින්.

අවසන් මහ තරගයේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු

තරගාවලියේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා – ජනිත් ලියනගේ (දඹුල්ල ජයන්ට්ස්)

ශක්තිවන්තම ක්‍රීඩකයා – තිසර පෙරේරා