තිස්ස කුට්ටිආරච්චි මාස 6ක වැටුප අත්හරී

තිස්ස කුට්ටිආරච්චි මාස 6ක වැටුප අත්හරී

රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසා ලබන මාසයේ සිට මාස 6ක කාලයක් තම මන්ත්‍රි වැටුප ලබා ගැනීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වැටුප මාස 6ක් කප්පාදු කළ යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසනවා.