ඊයේ තරගයෙන් පසු ක්‍රීඩාංගනය පිරිසිදු කර ගිය අය

ඊයේ තරගයෙන් පසු ක්‍රීඩාංගනය පිරිසිදු කර ගිය අය

ඊයේ (23) අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට එක්ව සිටියා.

මේ අතරින් තරගය නැරඹීමට පැමිණ සිටි තරුණ කණ්ඩායමක් සිදුකළ කටයුත්තක් පිළිබඳව මේ වනවිටත් බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්ව තිබෙනවා.

ස්වේච්ඡා කණ්ඩායමක් ලෙස තරගය නැරඹීමට පැමිණ සිටි මෙම පිරිස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තරගය නැරඹීමට පැමිණි පිරිස ක්‍රීඩාංගනයේ දමා ගොස් තිබූ කැළි කසල ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.