ඉන්දියාවේ සුපිරි දඟ පන්දු යවන්නා ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉන්දියාවේ සුපිරි දඟ පන්දු යවන්නා ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජං සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

හර්බජන් සිය සමු ගැනීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් සහ වීඩියෝවක් ද සමාජ මාධ්‍යයට මුදාහැර ඇත.

මේ වනවිට 41 වන වියේ පසුවන හර්බජාන් සිං, ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 103ක්, එක්දින තරග 236ක් සහ විස්සයි විස්ස තරග 28කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

එතැන් පටන් අද දක්වා ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායමේ දොරටු විවර වුනේ නැහැ.