රන්ජන්ගේ ඉල්ලීම

රන්ජන්ගේ ඉල්ලීම

බන්ධනාගාරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා අවසර ඉල්ලා ඇති බවට වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ මේ දක්වා ඊට අවසර ලබා දී නොමැති බවයි.

කෙසේ වෙතත් , ඒ ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ගේ උපදෙස් අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා