ප්‍රධාන පක්ෂ දෙක සමඟ කිසිඳු සන්ධානගතවීමක් නැහැ – අනුර කුමාර දිසානායක

ප්‍රධාන පක්ෂ දෙක සමඟ කිසිඳු සන්ධානගතවීමක් නැහැ – අනුර කුමාර දිසානායක

මෙරට ප්‍රධාන යැයි පවසන පක්ෂ දෙක සමඟ සෘජුව හෝ වක්‍රව කිසිඳු සන්ධානගතවීමක් සිදු නොවන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගය සන්ධානගත වන්නේ රට ගොඩ ගැනීමට අවංකභාවයෙන් කටයුතු කරන පිරිස් සමඟ බවයි ඔහු පැවසුවේ.

සන්ධාන ගත වීමක් කියන්නේ සාම්ප්‍රදායික ලෙස වේදිකාවක නැගලා අත්වැල් බැඳගෙන යාලුයි අපි යාලුයි කියන එකක් නොවන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පැවති මාධ්‍ය හමුවකදී වැඩි දුරටත් කියා සිටියා.