ජවිපෙට මංගල යෝජනාවක් නිදහස් පක්ෂයෙන්

ජවිපෙට මංගල යෝජනාවක් නිදහස් පක්ෂයෙන්

දූෂණයෙන් තොර ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කිරීමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කොළඹදී සඳහන් කළා.

නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා එහිදී පැවසුවේ වාමාංශික බලවේග සියලුදෙනාම එකතු කරගත යුතුයි යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවයි.

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ මෙන් පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පිරිසිදු පක්ෂක් එකතු වී අනාගතය ගොඩනගන්න ඉඩකඩ තිබෙන බවද ඔහු එහිදී කියා සිටියා.

“සන්ධානගතව වැඩකරන්න අවශ්‍යනම් ඒ සඳහා අපිට හැකියාව තියෙනවා කියන එකයි මම ප්‍රකාශ කලේ.” යනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.