උතුර දකුණ අද අවසන් සටනට

උතුර දකුණ අද අවසන් සටනට

ලංකා ප්‍රිමියර් ලීගය (එල්.පී.එල්) ඇරඹී දෙවැනි වසරේද යළිත් ‘උතුරු- දකුණු අවසන් මහා සටනක්’ අදට යෙදී තිබේ. ඒ අනුව තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායම සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ‘ගෝල් ග්ලැඩියේටර්ස්’ කණ්ඩායම අද රාත්‍රී 7.30ට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අදාළ අවසන් මහා සටනට පිවිසෙනු ඇත.

දෙවසරක එල්.පී.එල්. සමස්ත ප්‍රතිඵල සටහන අනුව (විසඳුම් සහිත) තරග 19ක් අතුරින් 13ක් ජයගෙන සියයට 68.42ක ජයග්‍රාහී සම්භාවිතාවක් රඳවාගෙන සිටින ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායම, මෙම තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ ලාභී කණ්ඩායම වේ. එම සමස්ත ප්‍රතිඵල සටහනේ තරග 18කින් 8ක් පමණක් ජයගෙන ජයග්‍රාහී සම්භාවිතාව සියයට 44.10ක් ලෙසින් සාපේක්ෂව පහළ තැනක පසුවුවද, මෙවර තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම මුණැගැසුණු අවස්ථා 3හිදීම පහසුවෙන් ඔවුනව පරාජය කළ බැවින් ගෝල් කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය සාපේක්ෂව ඉහළ තැනක වනු ඇත.

අද තරගය ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන සංචිතයන්

ජැෆ්නා කිංග්ස්

අවිශ්ක ප්‍රනාන්දු, රහමනුල්ලා ගුර්බාස්, ටොම් කොලර් කැඩ්මෝර්, තිසර පෙරේරා (නායක), ශොයිබ් මලික්, අශාන් රන්දික, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ජේඩ්න් සීල්ස්, සුරංග ලක්මාල්, මහීෂ් තීක්ෂණ.

ගෝල් ග්ලැඩියේටර්ස්

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අන්වර් අලී, භානුක රාජපක්ෂ (නායක), මොහොමඩ් හෆීස්, සමිත් පටෙල්, සහන් ආරච්චිගේ, ඉසුරු උදාන, පුලින තරංග, මොහොමඩ් අමීර්, නුවන් තුෂාර.