ඉන්දියාවේ අධිකරණයක් තුළ පිපිරීමක්

ඉන්දියාවේ අධිකරණයක් තුළ පිපිරීමක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අධිකරණයක් තුළ සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම පිපිරීම ලුධියානා නම් ප්‍රදේශයේ පිහිටි උසාවි සංකීරණයක දෙවන මහලේ පිහිටි නාන කාමරයක් තුළ සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පිපිරීමෙන් තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව ද වාර්තා වනවා.

https://bit.ly/3H5gAYf