ආයෙත් පාසල් වහන්න එපා ,කාදිනල් රංජිත් හිමිපාණන්

ආයෙත් පාසල් වහන්න එපා ,කාදිනල් රංජිත් හිමිපාණන්

මින් ඉදිරියට පාසල් වසා නොදමන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරනවා.

කොවිඩ් වසංගතය හමුවේ පසුගිය කාළය තුළ පාසල් වසා දැමීම මගින් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ලවූ බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

කෑගල්ල ශාන්ත ජෝසප් කණ්‍යාරාමයේ පැවති වැඩසටහනකදීයී කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේ.

කාදිනල් රංජිත් හිමිපාණන් දැක්වූ අදහස්

ආත්මාර්ථකාමී නොවන යුක්තිගරුක සාධාරණ පුරවැසියන් බිහි කරන්න පුළුවන් එකම තැන පාසලයි. ගුරුවරුන්
තමයි පළමු කොටස්කරුවෝ. ආණ්ඩුව නෙමේ.

ගුරුවරුත් ඔවුන්ගේ ගෞරවය ආරක්‍ෂා කරගන්නට දැන ගන්න ඕනෑ. ගුරුවරයකුට සරිලන වැටුපක් ලබාදීම පවතින රජයේ වගකීමක්. මොකද ගුරුවරයා කරන්නේ අනාගත
පරම්පරාව යහමඟ යැවීමේ මෙහෙවරයි.

පොතක් බලාගෙන හරි විෂයක් විස්තර කරදීම ගුරුවරයකුගේ වැඩකොටසක්. ගුරුවරයකුගේ පළමු වගකීම ඊට
වඩා වෙනස්. ගුරුවරයාට ලැබෙන ආදායමට වඩා දරුවා ගැන හිතලා කටයුතු කළොත් මේ පුංචි රට හදා
ගන්න පුළුවන්. බැරි වෙන එකක් නෑ.‘ යනුවෙන් පැවසිය