හිටපු ජනපතිනි කොළඹ සරසවි සිසුන් කළ දේ අගයයි

හිටපු ජනපතිනි කොළඹ සරසවි සිසුන් කළ දේ අගයයි

කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේද කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට විරෝධය දක්වමින් උන්වහන්සේ අතින් උපාධි මංජුසාව බාරනොගැනීමේ විරෝධය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

එය සුදුසුම ආකාරයෙන් කරන ලද විරෝධයක් බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇගයීමට ලක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇය කියාසිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව, හිංසාවෙන් තොරව දක්වන ලද මෙම විරෝධය ආණ්ඩුවක් විසින් නොගැලපෙන තීරණ ගත්විට බුද්ධිමත් සරසවි සිසුන් ගත් අවස්ථානෝචිත හා ඥානාත්විත පියවරක් බවයි. එය සෙසු අයටද ආදර්ශයක් බවයි.

පහත ලින්ක් එකට පිවිසීමෙන් එතුමිය කල කතාව නැරඹිය හැකියි

https://fb.watch/a32OLsUerY/