විශාලතම දික්කසාද වන්දිය ,දික්කසාදයක් වෙනුවෙන් පවුම් මිලියන 554ක්

විශාලතම දික්කසාද වන්දිය ,දික්කසාදයක් වෙනුවෙන් පවුම් මිලියන 554ක්

ඩුබායිහි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම්ට ඔහුගේ හිටපු බිරිඳ හයා බින්ට් අල්-හුසේන් කුමරිය සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාට පවුම් මිලියන 554 (ඩොලර් මිලියන 733) මුදලක් ගෙවන ලෙස එක්සත් රාජධානියේ අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ජෝර්දානයේ හිටපු හුසේන් රජුගේ 47 හැවිරිදි දියණිය වන හයා බින්ට් අල්-හුසේන් කුමරිය 2019 දී ඩුබායි සිට බි‍්‍රතාන්‍යයට පලා ගියේ ඇය ජීවිතය ගැන බියෙන් පසුවන බව පවසමින්.

බ්‍රිතාන්‍ය නීති ඉතිහාසය තුල දික්කසාද නඩුවක් වෙනුවෙන් විශාලතම වන්දිය නියම කළ නඩුවක් ලෙසයි මෙය සඳහන් වන්නේ

ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම්ගේ භාර්යාවන් හය දෙනාගෙන් හයා බින්ට් අල්-හුසේන් කුමරිය හයවෙනි බිරිඳ ලෙසයි හැඳින්වුයේ.

මෙම තීන්දුව මගින් හයා කුමරියට පවුම් මිලියන ගණනක දේපල දෙකක් පවත්වාගෙන යාමේ පිරිවැය පියවා ගැනීම සඳහා මුදල් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

https://bit.ly/3srmjDv