යාපනය ජය සමරයි

යාපනය ජය සමරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ ඊයේ (21) පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයක් ලබන්නට ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, එම තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රතිවාදී වූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින්.

මෙම ජයත් සමග දෙවන වතාවටත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලබන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර තීරණාත්මක මෙම ජයග්‍රහණයෙන් පසු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තමන් නවාතැන්ගෙන සිටින හෝටලයට යන අවස්ථාවේ ජැෆ්නා ක්‍රීඩකයින්ට සුබපැතුම් එක්කරන්නට හෝටල් කාර්‍යමණ්ඩලය කටයුතු කර තිබුණු ආකරය දක්නට ලැබුණා.

මෙහිදී හෝටල් කාර්‍යමණ්ඩලය විසින් ජැෆ්නා ක්‍රීඩකයින් වෙනුවෙන්ම විශේෂ කේක් ගෙඩියක් නිර්මාණය කර තිබූ අතර එම කේක් ගෙඩිය කපා තිසර පෙරේරා ප්‍රමුඛ ජැෆ්නා කිංග්ස් සිය ජයග්‍රහණයේ සතුට සැමරුවේ මෙලෙසින්.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..