” මිත්තානිසංස” කෘතිය ජනපති ප්‍රධානත්වයෙන් එළිදක්වයි

” මිත්තානිසංස” කෘතිය ජනපති ප්‍රධානත්වයෙන් එළිදක්වයි

පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක ස්වාමීන් වහන්සේගේ ශාසන දිවිය අලළා රචිත “මිත්තානිසංස” කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබෙනවා.

උන්වහන්සේගේ ශාසන දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන් විචිත්‍ර ධර්ම කථික, බොරැල්ලේ කෝවිද හිමියෝ කෘතිය සංස්කරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි මුල් පිටපත ජනාධිපතිවරයා විසින් පූජ්‍ය මාපලගම බුද්ධසිරි හිමියන් වෙත අද (22) පෙරවරුවේ රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයේ දී පිළිගන්වා තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ අනුශාසනාව සිදුකරමින් පවතින වසංගත තත්ත්වය හමුවේ රජය සිදුකරන දැවැන්ත සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව මීට වඩා දැනුවත් විය යුතු බව සඳහන් කළ බව සඳහන්.

ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය නිසා ශ්‍රී ලාංකික ජනතාව අත්විඳින මානසික සැනසිල්ල ඉමහත් බව ද උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.

අනතුරුව පැවති දානමය පුණ්‍යකර්මයට ද ජනාධිපතිවරයා සහභාගී වුණා.