ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ මාලාවක්

ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ මාලාවක්

ඉන්ධන මිල ඉහළ දැමීම සහ බඩු මිල ඉහළ යාමට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ඉහළ නැංවූ තෙල් මිල පහළ දමා වහා ජනතාවට සහන සලසනු! අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහා අඩු කරනු! යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර තිබෙනවා.

එම උද්ඝෝෂණ මාලාව දෙසැ. 23 සහ 24 දින රට පුරා ප්‍රධාන නගර ආවරණ්‍ය වන ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේ.