ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහළට

ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහළට

ලෝක වෙළෙදපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් අද දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක 3.2%කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 71යි ශත 10ක් ලෙසයි. ඇමරිකානු ඩබ්ලිව් ටී.අයි. තෙල් බැරලයක මිල 3.9%කින් පහත වැටී ඩොලර් 68යි ශත 7ක් ලෙස සටහන් වුණා.