රන්ජන් නැතුව ගේමක් දෙන” Game “

රන්ජන් නැතුව ගේමක් දෙන” Game “

ප්‍රධාන චරිතය රඟපාන නළුවා  සිරගතව සිටියදී , ඔහු රඟපෑ  චිත්‍රපටය තිරගත වීමට නියමිතයි .ඒ අන් කිසිවක් නොව ගේම් චිත්‍රපටියයි. එහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ  ශ්‍රී ලාංකීය සිනමාවේ සුපිරි තරුව  රංජන් රාමනායකයි. ඔහු මේ වන විට සිරගතව සිටින අතර  ඒ තත්ත්වය මධ්‍යයේ ගේම් චිත්‍රපටිය තිරගත වීමට නියමිතයි.

එමෙන්ම රජ හොරු, මයි නේම් ඉස් බන්දු, හොරා පොලිස් ආදී චිත්‍රපට නිර්මාණය කළ සුරංග ද අල්විස්ගේ නවතම සිනමා නිර්මාණය ද ගේම්.

පසුගිය කාලෙ සීමාවේ රටේ ඇතිවුණු සහරාන්ගේ ත්‍රස්තවාදී බලපෑමේ ත්‍රස්තවාදීන්ට මඟහැරුණු එක පැත්තක් ගැන සහ තවත් පැති කිහිපයකින් හිතල මේ චිත්‍රපටය නිර්මාණය කළ බව තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුරංග ද අල්විස් නම් කියන්නේ.ද ගේම් හි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක.

ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික්‍රමගේ, තරින්දි ප්‍රනාන්දු, තුෂිනි ප්‍රනාන්දු, ගීතිකා රාජපක්ෂ, ආරියසේන ගමගේ, බුද්ධික ජයරත්න, වසන්ත කුමාරවිල, ටිරෝන් මයිකල්, ලාල් කුමාර, ලක්ෂ්මන් අමරසේකර, සුදේශ් වසන්ත පීරිස්, නිල්මිණි කෝට්ටගේ ඇතුළු පිරිස සෙසු චරිත රංගනයේ යෙදෙති.

මෙහි තිර රචනා කර ඇත්තේ සුරංග ද අල්විස් සමඟ නිශාන්ත වීරසිංහ.

උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද සහ සංඛ දිනෙත් ගීත ගැයුමෙන් එක් අතර සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්.

ගාමිණි මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂවරයා වන අතර රුවන් වීරසිංහ මෙය සංස්කරණය කර තිබේ