” සුවඳ දැනී දැනී දැනෙනවා .” දැනෙන්න වැඩි වුන ඉන්ධන මිල

” සුවඳ දැනී දැනී දැනෙනවා .” දැනෙන්න වැඩි වුන ඉන්ධන මිල

මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව වැඩි වූ මිල ගණන් සහ වැඩි වූ පසු නව මිල ගණන් මෙසේයි.

  • පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.177)
  • පෙට්‍රල් 95 – රු.23 කින් (නව මිල රු.207)
  • ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.121)
  • සුපිරි ඩීසල් – රු.15 කින් (නව මිල රු.159)
  • භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.87)

IOC ඉන්ධන මිලත් වැඩි කරයි

අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගමේ ඉන්ධන මිලද වැඩි කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල ගණන් සහ වැඩි වූ පසු නව මිල ගණන් පහතින්,

  • පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.177)
  • පෙට්‍රල් 95 – රු.26 කින් (නව මිල රු.210)
  • ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.121)
  • සුපිරි ඩීසල් – රු.15 කින් (නව මිල රු.159)
  • භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.87)