ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා අටලක්ෂ 42,400ක් අද (20)අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

කිලෝ 4,360ක බරින් යුත් මෙම එන්නත් තොගය පෙට්ටි 130ක අසුරා තිබූ අතර, ඇමරිකාවේ සිට නෙදර්ලන්තය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන ඒමෙන් අනතුරුවයි, අද(20) උදෑසන මෙම එන්නත් තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ.

එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට නියමිතයි.