ලංකාවම හොල්ලන ලස්සන twinsla

ලංකාවම හොල්ලන ලස්සන twinsla

දෙරණ නාලිකාව විසින් විකාශනය කරන ලද මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ පිණිමුතු සහ නිල්නෙතු කියන්නේ රසික රසිකාවියන්ගේ ඉමහත් ආදරයට සහ ආකර්ශනයට පත් වුණු ආදරණීය රංගන ශිල්පිනියන් දෙපලක්.

පිණිමුතු සහ නිල්නෙතු ලෙස රසිකයන් ඔවුන් ආමන්ත්‍රණය කලත් ඔවුන්ගේ සැබෑ නම් වන්නේ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කණුෂ්කි ප්‍රේමචන්ද්‍රයි.මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය ඔවුන්ගේ ප්‍රථම ටෙලි නාට්‍ය අත්දැකීම වුවත් ඔවුන් දෙපළ දෙරණ නාලිකාව විසින් විකාශය කරන ලද දෙරණ ලිට්ල් ස්ටාර් තරඟාවලිය ඔස්සේ සිය දක්ෂතා පෙන්වා රසික ආකර්ෂණය දිනාගත් තරු යුවළක් වනවා.

අපි දෙන්නව මුලින්ම රසිකයා අඳුරගත්තේ derana little star season 5 තරඟාවලිය හරහා.ඉතිං දෙරණ නාලිකාවේ ම ටෙලි නාට්‍යයකට අපි දෙන්නට සම්බන්ධ වීම ලැබීම ඇත්තටම ලොකු සතුටක්.අපි දෙන්නගේ එකම අරමුණ වෙලා තිබුණේ නැටුම් ගුරුවරියන් වීම.තාම ඒ හීනෙ අත ඇරලා නෑ.නමුත් රඟපෑම් කටයුතුත් ඒත් එක්කම සිදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.මොකද මේක අපි දෙන්නටම ලැබුණු ලොකු අවස්ථාවක්.

මල් පිපෙන කාලේ කතාවේ අපි සංවේදී වුණු අවස්ථා ගොඩක් තිබුනා.මොකද පිණිමුතු කියලා කියන්නේ තමන්ගේ අක්කගෙ ආදරය වගේම තාත්තාගේ ආදරයත් අහිමි චරිතයක්.මට තාත්තාගේ ආදරේ මට පොඩි කාලෙදි ලැබිලා නෑ.එනිසා තාත්තගෙයි දුවගෙයි ආදරේ කොයි වගේද කියලා වත් මට තේරුමක් නෑ. ඒ නිසා මේ ටෙලි නාට්‍යය මගෙයි නංගිගෙයි ජීවිත කතා වලට ගොඩක් සමානයි.හරිම සතුටුයි මේ වගේ නිර්මාණයකට රංගන දායකත්වය ලබා දීමට පුළුවන් වීම පිළිබඳව.යනුවෙන් ඔවුන් පවසා සිටියා.

ඔවුන් දෙපලගේ සුන්දර ඡායාරූප පෙළක් පහතින්