යාපනයේ අයියලා ගෙදර යවා දකුණේ අයියලා final යයි

යාපනයේ අයියලා ගෙදර යවා දකුණේ අයියලා final යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම ඊයේ (19) සමත් වුණි.

ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 64කින් පරාජයට පත් කරමිනි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 188කි.

එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 53කදී ලකුණු 85ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස්කළේය.

පන්දු යැවීමේදී වහාබ් රියාස් සහ තිසර පෙරේරා කඩුලු දෙක බැගින් දවාගත්හ.

ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 5ක් කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි.

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 59ක් රැස්කළ අතර වනිඳු හසරංග ලකුණු 29ක් රැස්කළේය.

පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 13කට කඩුලු 5ක් දවාගත්තේය.