පොලීසියේ සිර මැදිරියක් තුළ පුද්ගලයෙකු මියගිය හේතුව( වීඩියෝ )

පොලීසියේ සිර මැදිරියක් තුළ පුද්ගලයෙකු මියගිය හේතුව( වීඩියෝ )

හුංගම පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලීසිය තුළදී මියයෑමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

පෝය දිනයේ මත්පැන් අලෙවි කළේ යැයි චෝදනාවක් මත මෙමෙ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිය ගියේ 62 හැවිරිදි රන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, (18) හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය මෙම පුද්ගලයාගේ මරණයට හේතුව පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මරණයට හේතුව ලෙස හෘර්දයාබාධයකින් රුධිරවාහිණී අවහිරතාවයක් ඇතිවීම නිසා සිදුවූ මරණයක් ලෙස වාර්තාව ලබාදී ඇති බවට හුංගම පොලිස් ස්ථානාධිපති විසින් වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඊයේ (19) සිදුකර තිබූ ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව පදනම් කරගනිමින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර හම්බන්තොට රෝහලේදී හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය විසින් අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.