පළමු වසර ආරම්භය අප්‍රේල් මාසයේ සිට

පළමු වසර ආරම්භය අප්‍රේල් මාසයේ සිට

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරදී ඊයේ (19) කරුණු පැහැදිලි කළේය.

“5 ශිෂ්‍යත්වය ජනවාරි මාසයේ තුන්වෙනි සතියේ හමාර වෙනවා. උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ පටන්ගෙන හමාරවෙනවා. නියමිත අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේ ආරම්භ කරලා හමාර කර ගැනීමට ජුනි මාසයේ මැද වන විට පුළුවන්කම දැන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරලා සැලසුම්කරලා වැඩ කරගෙන යනවා.”