තෙල් මිල වැඩි කරන්න කබ්රාල්ගෙන් යෝජනාවක්

තෙල් මිල වැඩි කරන්න කබ්රාල්ගෙන් යෝජනාවක්

කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇති බවයි අදාළ ලිපිය මගින් දන්වා ඇත්තේ. ඒ අනුව පෙට්‍රල් රුපියල් 35 කින් ද ඩීසල් රුපියල් 24 කින් සහ භූමිතෙල් රුපියල් 11 කින් වහාම වැඩි කළ යුතු බව අදාළ ලිපිය මගින් දන්වා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ නමුත් මෙම ලිපිය සම්බන්ධව මුදල් අමාත්‍යංශය මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ.