සලාකෙට ඉන්ධන ගහ ගමු

සලාකෙට ඉන්ධන ගහ ගමු

අඩුආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කළ යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ආණ්ඩුව අසීරු තත්වයකට පත්ව සිටීම නිසා ජනතාව ද අමාරු තත්වයට පත්ව සිටින බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කරන ලෙස රජයට යෝජනා කරන බව සඳහන් කළේය.

ඉන්ධන ද කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් එමගින් ඉන්ධන පරිභෝජනය අඩුකරගත හැකි බවත් අමාත්‍යවරයා කීය.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.