රියදුරුට පාලනය නොවූ පදියතලාවේ බස් අනතුර

රියදුරුට පාලනය නොවූ පදියතලාවේ බස් අනතුර

මහඔය පදියතලාව මාර්ගයේ වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක් වී පෙරළීමෙන් එහි ගමන් ගත් 17 තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි පිරිසක් බස්රථයෙන් කතරගම බලා ගමන් ගෙන ඇති බවද කියති.

බසය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එය පෙරළී ඇතැයි ද පොලිසිය පවසයි

ඒ සම්බන්ධයෙන් රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත