දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරුන් හෙට බලය පෙන්වයි

දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරුන් හෙට බලය පෙන්වයි

දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(20) පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

සීමාවාසික පත්වීම් හි කටයුතු කළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම මුල් කරගෙන හෙට (20) පෙරවරු 08.00 සිට මෙම වර්ජනයේ නියැලීමට කටයුතු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

ඒ අනුව මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල එම වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.

වර්ජනයක් පැවතිය ද හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.