දවස් තුනකට පස්සේ කෙල්ල හම්බවෙයි

දවස් තුනකට පස්සේ කෙල්ල හම්බවෙයි

පසුගියදා මහියංගණය – වේරගංතොට පාලමෙන් මහවැලි ගඟට පැන්න යුවළගෙන් අතුරුදහන් වූ තරුණියගේ සිරුර දින 03කට පසු සොයාගෙන තිබෙනවා.

අදාල තරුණියගේ සිරුර පාලමේ සිට කිලෝමීටර් 08ක පමණ දුරින් පිහිටි මහියංගණ, ගඟේයාය ප්‍රදේශයේ අකුලක රැදි තිබියදී අද (19) දහවල් සොයා ගැනුණු බවයි වාර්තා වුණේ.

අකුලක රැඳී තිබූ සිරුර ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව මළ සිරුර තරුණියගේ මව හා ඥාතීන් විසින් හදුනා ගෙන තිබෙනවා.

පසුගිය 16 වනදා සවස 4.30ට පමණ අදාල යුවළ ගඟට පැන ඇති අතර මෙලෙස ගඟට පැන ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියක් සහ 19 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය පැවසුවේ.

එහිදී තරුණයාගේ දිවි බේරාගෙන මහියංගණය රෝහල වෙත ඇතුළත් කර කළා.

දෙදෙනා කලක සිට ප්‍රේම සම්බන්ධත්වක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙලෙස පාලම මතින් ගඟට පැනීමට හේතුව මෙතෙක් ආනාවරණය වී නැහැ.

සබැදි පුවත << https://bit.ly/3mj9C9Z