කොළඹ බලාපොරොත්තු සුන් කර දඹුල්ල අවසන් සටනට

කොළඹ බලාපොරොත්තු සුන් කර දඹුල්ල අවසන් සටනට

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කුසලානය කරායෑමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට අද (19) සිදුවිය.

ඒ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමත් සමගය.

තරගයේ කාසියේ වාසිය දිනු කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, පිටියට පිවිසි කලම්බු ස්ටාර්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 145කි.

නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 34කදී නොදැවී ලකුණු 50ක් රැස් කරමින් කලම්බු පිල ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් දක්වා කැඳවාගෙන පැමිණීමට සමත්වුණි.

පැතුම් නිස්සංක ලකුණු 42ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් සහ නුවන් ප්‍රදීප් කඩුලු දෙක බැගින් දවාගත්තේය.

ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවෙන්ම දවාගැනීමට දුෂ්මන්ත චමීර සමත්විය.

නමුත් ඔවුන් පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 4ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 56ක් රැස්කළේය.

ඒ අනුව LPL කුසලානය හිමිකර ගැනීමේ බලාපෙරොත්තු තවදුරටත් රඳවාගැනීමට දඹුල්ල ජයන්ට්ස් කන්ඩායම සමත්විය.