ඔමික්‍රෝන් නිසා රටක් වැහෙයි

ඔමික්‍රෝන් නිසා රටක් වැහෙයි

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (20) දිනයේ සිට සති 04ක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබෙනවා.

මේ අතර ලොව පුරා අසාමාන්‍ය ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් වාර්තා වන රටවල් සංඛ්‍යාව 91ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීග්‍ර ව්‍යප්තිය මේ වන විට ලොව සෑම රටකටම පාහේ දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර වැඩිම අවදානමකට මුහුණ පා ඇති රටවල් ලෙස බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ලෙස වාර්තා වනවා.

https://bit.ly/3JddRho