එයා ගියේ මගේ පොකට් එකටත් විදලා ,කේ සුජීවා කියන කතාව

එයා ගියේ මගේ පොකට් එකටත් විදලා ,කේ සුජීවා කියන කතාව

එළිමහන් ප්‍රාසාංගික වේදිකාව තුළ නැතුවම බැරි චරිතයක් තමයි කේ සුජීවා කියලා කියන්නේ. ඉගි මරන තරු රෑන කෝ කියන ගීතය හරහා බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණු ඇය මේ වෙද්දී ආදරණීය දියණියන් දෙදෙනා සමග ඉතාමත් සතුටින් කාලය ගත කරනවා කියලා ගොඩක් දෙනෙක් දන්නවා.

හිත හදාගන්න හැමදාම උදේට පන්සලට යන්නත් අමතක කරලා නැහැ. කාලයක් යද්දි පන්සලට ගිහිනුත් අඬන එක තමයි කරලා තියෙන්නේ. යන්න ගියපු අය ගිහින් ඉවරයි කොහොමහරි හිත හදාගන්න කියලා නොයෙකුත් අවස්ථාවන් වලදී ආදරණිය දරුවන් දෙදෙනා කිව්වත් ඇයට නම් හිත හදාගන්න අපහසු වෙලා තියෙනවා.

කේ සුජීවා මුලින්ම විවාහයට පා තබන්නේ ඉතාමත් ලාබාල අවධියේ දී. ඒ තමන්ගේ ආදරණීය අම්මලාගේ තාත්තලාගේ කැමැත්ත එක්ක . කොහොමෙන් කොහොමහරි ඒ විවාහය එතරම් සාර්ථක වෙන්නේ නැහැ ඊට පස්සේ විවාහයට සමුදෙන ඇය කොළඹට එනවා.

මෙහෙම කාලයක් ඉතාමත් දුකසේ ජීවත් වෙන්න සුජීවා දරුවා හදා ගන්න උත්සාහ දරන අතර දරුවෝ ටිකක් ලොකු මහත් උනහම ක්ෂේත්‍රයේම දක්ෂ ගායකයෙක් වන අජිත් මුතුකුමාරණ සමග විවාහ වෙන්න තීරණය කරනවා. ඉතින් ඇය ඔහු සමග ඉතාමත් සාර්තක ජීවිතයක් වසර ගණනාවක් ගත කරනවා.

නමුත් හිටිහැටියේම ඔවුන් තුළ ඇති වෙන්නා වූ යම්කිසි මතභේදාත්මක ගැටලු නිසා මේ විවාහ ජීවිතයට නොසිතූ විරූ ආකාරයෙන් සමු දෙන්නට සුජීවට සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ වෙන්වීම නිසා ඇය මානසික වශයෙන් සෑහෙන්න පීඩාවට පත්වෙනවා. අවුරුදු දෙකක් යනකම්ම අඬ අඬා තමයි ජීවත් වෙලා තියෙන්නේ.

හිත හදාගන්න හැමදාම උදේට පන්සලට යන්නත් අමතක කරලා නැහැ. කාලයක් යද්දි පන්සලට ගිහිනුත් අඬන එක තමයි කරලා තියෙන්නේ. යන්න ගියපු අය ගිහින් ඉවරයි කොහොමහරි හිත හදාගන්න කියලා නොයෙකුත් අවස්ථාවන් වලදී ආදරණිය දරුවන් දෙදෙනා කිව්වත් ඇයට නම් හිත හදාගන්න අපහසු වෙලා තියෙනවා.

එක්තරා දවසක ඇඳිරි නීතිය දාන්න යද්දි ලොකු දුව අංජලී තමන්ගෙ අම්මගෙ ATM card එක ඉල්ල ගන්නවා. ඊට පස්සෙ කාඩ් එකෙන් සල්ලි ගන්න යද්දි මුලින්ම ගහන්නේ රුපියල් පනස් දාහක්. නමුත් තිරේ දිස් වෙනවලු පනස්දාහක් ගන්න තරම් ඔබේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නැහැ කියලා.

හම්බ කරපු සල්ලි වලින් අන්තිමට සුජීවට ඉතුරු වෙලා තියෙන්නේ බැංකු පොතේ රුපියල් 26000යි. ඊට පස්සේ එතැන් පටන් ඇය හිතන්න පටන් ගන්නවා ගියපු කෙනාගේ ගිහින් තියෙන්නෙ හදවත බිඳගෙන විතරක් නෙවෙයි ඇගේ ආර්ථික පැත්තක් බින්දුවටම දාලා කියලා.

එයා මගේ බැංකු පොත හිස් කරා වගේම මම කොහොම හරි මගෙන් අරන් ගියපු ඒ ශක්තිය ධෛර්යය නැවත වතාවක් ඇරගෙන ජීවිතයේ නැගී සිටින්නට උත්සාහ කරනවා කියලා හිතපු ඇයට හැකි වෙලා තියෙනවා නැවත වතාවක් ධෛර්යසම්පන්න කෙනෙක් විදිහට ජීවිතය තුළ ජීවත් වෙන්නට.

එදා ඒ හිතපු සිතුවිල්ලත් එක්කම ජීවිතයට නැවත වතාවක් වටිනාකමක් එක්කර ගත් සුජීවා මේ වෙද්දී දරුවන් දෙදෙනා සමග ඉතාම සුන්දර ජීවිතයක් ගත කරනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔවුන්ට හැමදාමත් සතුටින් ඉන්නට ලැබේවා කියලා.