LPL ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 18 වැනිදා සිට හම්බන්තොටදී

LPL ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 18 වැනිදා සිට හම්බන්තොටදී

ලංකා ප්‍රිමියර් ලීග් 2021 විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් තරග වටයේ තරග වල ප්‍රවේශ පත්‍ර දෙසැම්බර් 18 වැනිදා සිට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

මේ සඳහාම සූරියවැව ‘හත්පහ හන්දිය’ අසළ (ජීවනාලිය ක්‍රීඩාංගණය අසළ) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුලුවක් පිහිටුවා තිබෙන අතර තරග නොපැවැත්වෙන දිනවලදී පෙ.ව. 10 සිට පස්වරු 5 දක්වාත් තරග පැවැත්වෙන දිනවල පෙ.ව. 10 සිට පස්වරු 7 දක්වාත් ප්‍රවේශපත්‍ර කවුලු විවෘතව පවතිනු ඇත.

ඊට අමතරව අමතරව, srilankacricket.lk, BookMyShow.com සහ Daraz.lk යන වෙබ් අඩෙවිවලට පිවිසීමෙන්ද සිය ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ හැකියාව පවතින අතර එසේ වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍රද උක්ත ස්ථානයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන්ද ලබාගත හැක. එම ප්‍රවේශපත්‍ර කවුලුව දිනපතා පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා විවෘතව පවතියි.

රුපියල් 300, 500, 8000 සහ 1000 යන මිල ගණන් යටතේ මෙම ප්‍රවේශපත්‍ර මිලදී ගත හැක.

ප්‍රවේශ පත්‍ර කවුලු – සූරියවැව, හත්පන හන්දිය අසළ (ජීවනාලිය ක්‍රීඩාංගණය අසළ), ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානය

විවෘත වේලාවන් – තරග නොපැවැත්වෙන දිනවලදී – පෙ.ව. 10 සිට සවස 5 දක්වා, තරග පැවැත්වෙන දිනවලදී – පෙ.ව. 10 සිට සවස 7 දක්වා

ප්‍රවේශ පත්‍ර මිල ගණන් – රුපියල් 300, 500, 800, 1000

ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වෙබ් අඩෙවි – srilankacricket.lk, BookMyShow.com , Daraz.lk