ෂාෆී ශාහාබ්දීන් නිවැරදි කරුවෙක් වෙලා නෑ , අපි මේක යට ගහන්න දෙන් නෑ – රතන හිමි (වීඩියෝ)

ෂාෆී ශාහාබ්දීන් නිවැරදි කරුවෙක් වෙලා නෑ , අපි මේක යට ගහන්න දෙන් නෑ – රතන හිමි (වීඩියෝ)

මේකට වගකියන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන් බව අතුරලියේ රතන හිමි අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා ..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි.

ෂාෆී ශාහාබ්දීන් ගැන වසර ගානක් කතා වුණා,මව්වරු එක්දහස් දෙසීයක් පමණ සාක්ෂි ලබා දීලා තියෙනවා. කාන්තාවන් උසාවියේ නඩුවලට කරුණු කිව්වා.

ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් ෂාෆී ශාහාබ්දීන් ට වාසි සහගත ලෙසයි සාක්ෂි සටහන් කරගෙන තිබුණේ.මේක සහරාන්ට වඩා භයානක සැලැස්මක්.කුරුණෑගල රෝහලේ පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයට යවලා නැහැ.

කුරුණෑගල උසාවියේ පැහැදිලි සාක්ෂි තියෙනවා,කුරුණෑගල රෝහලේ සාක්ෂි රාජ්‍ය සේවා කොමිසමට යවලා නැති නිසයි සහබ්දීන් ට පඩි ලැබිලා තියෙන්නේ .කුරුණෑගල අම්මලාගේ ප්‍රශ්න අපි දැක්කා.

දෙවැනි හෝ තුන්වැනි දරුවන්ට පස්සේ සිසේරියන් සැත්කම් කරලා ඔහු නිදිමරාගෙන මේ සැත්කම් කරල තියෙන්නෙ ඇයි .

මව්වරුන්ගේ ප්‍රබල සාක්ෂි තියනවා.සහරාන්ලා ගැන තේරුනේ බෝම්බ පිපුරුනට පස්සේ ඒ වගේම ෂාෆී ශාහාබ්දීන් ලා ගැනත් දැනගන්න ලැබුණා.

දැන් රතන හාමුදුරුවෝ ජාතිවාදය ඇවිස්සුවා කියලා සමාජ මාධ්‍ය චෝදනා කරනවා .සමාජ ජාලවල ගෙන යන ප්‍රචාරය ඉතා වැරදියි .ෂාෆී ශාහාබ්දීන් නිවැරදිකරු වෙලා නැහැ .නඩුව තවම තියෙනවා. මේ තත්ත්වය යටගහන්න අපි ඉඩ තියන්නේ නැහැ .